ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වේ.
තරගය ඉන්දියාවේ විෂාකාපට්නම් හිදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත බව සඳහන් වෙයි.
දෙරට අතර පසුගිය (21) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ජය හිමිකර ගනු ලැබීය.


