2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය ඊයේ (1) රාත්‍රියේ මේ බව පැවසීය.
රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) දින නිකුත් කරන බවද සඳහන්.


