ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පුනරුදයට මග” වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රු. මිලියන 5000ක මුදලක් වෙන් කර ඇත.
ජනවාරි 1වනදා සිට ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් පොදු ගමනාගමන පහසුකම් පුළුල් කිරීම, ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළඳපළ හා අත්‍යාවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමී ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී අරමුණු ඉටු කිරීම මෙම ග්‍රාමීය මාර්ග සංවර්ධනය තුළින් අපේක්ෂා කෙරේ.
එම අරමුණ ඉටු කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල – කෙහෙල් පන්නල සිට පහළ තඹවිට දක්වා කිලෝ මීටර් 3 ක මාර්ගය රු. මිලියන 71.8කින්ද රඹුක්කන – දොබේමඩ තැපැල් කාර්යාලය අසල සිට වේගොල්ල ළිඳ අසලින් පිල්ලුගල දක්වා කිලෝ මීටර් 1.8 ක මාර්ගය රු. මිලියන 37.4කින් නිම කිරීමට නියමිතය.
එමෙන්ම දැරණියගල – යටවල පරණ කන්තෝරුව සිට බෙරලියහින්න මාර්ගයට සම්බන්ධ කොටස රු. මිලියන 13.36කින් නිම කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.
“පුනරුදයට මඟ” වැඩපිළිවෙළට සමගාමීව මෙතෙක් දිවයින පුරා බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40 කට බස් සේවා ආරම්භ කිරීමට නියමිතය.
එමගින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, පොදු ගමනාගමන පහසුකම් පුළුල් කිරීම, වෙළඳපොළ හා අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය ඇති කිරීම, කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතියට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ වසර 06කට පෙර ධාවනය වූ පසුව අඩපණව තිබූ කෑගල්ල – තලගහයාය බස් රථය ජනවාරි 01වනදා සිට නැවත ධාවනයට එක් කරන ලදී.
ශ්‍රී ලංකම කෑගල්ල ඩිපෝව මගින් සේවක හිඟතාව මත හා බස් රථ අඩුකමින් නවතා දමා තිබුණු මෙම බස් රථය ජනවාරි මස 01 වැනි දින ධාවනයට එක්විය.
එමෙන්ම දැරණියගල කොට්ඨාසයේ මාලිබොඩ සිට කුරුවිට දක්වාත්, දැරණියගල සිට මන්දාදොළ දක්වාත් එදිනම බස් රථ දෙකක් ධාවනයට එක්ව තිබේ.


