වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන රටින් පිටතට රැගෙන යයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් තහවුරු කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. 

“අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළා. ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කළා” ට්‍රම්ප් වැඩිදුරටත් දක්වා තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක්ය.

Leave a Reply

Your email address will not be published.