පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ ඉකිනිගහපිල්ලෑව ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 03ක් සිදුකර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන් අවුරුදු 22, 24 හා 31 වයස්වල පසුවන කැලණිය හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මීට අමතරව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 820ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය 53 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පැවසීය.

