වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය යටතට ගන්නා බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්


වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.

ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් එරට වේලාවෙන් මේ වන විට පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීය.

එහිදී ට්‍රම්ප් සඳහන් කරනුයේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවය.

එමෙන්ම ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.