දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට ලක්ව හානි වූ නිවාස නැවත ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී නිවාස 20,000 – 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සිදුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහනට එක්වෙමිනි.
මෙම වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපතිවරායාගේ ප්‍රධානත්වයෙන් ගල්නෑව හඳුන්ගම අලුබැද්ද මංසන්දියේදී පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,


