දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (17) දිනයේදී පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,314ක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 24ක් බවත් පොලීසිය සඳහන් කර ඇත.

එමෙන්ම මෙහිදී වරෙන්තුකරුවන් 265 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 172ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද බීමත් රියදුරන් 479ක්ද මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 68 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම වෙනත් රථවාහන වැරදි සම්බන්ධව පුද්ගලයින් 4,683කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published.