ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 194ක ඉලක්කයක්

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිළට ලකුණු 194ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 193කි. 

එහිදී ඔස්මන් සදාට් ලකුණු 61ක් සහ අසිසුල්ලාහ් මියාඛිල් ලකුණු 43ක් රැස්කළහ. 

පන්දුයැවීමේදීම කුගදාස් මදුලන් සහ විරාන් චමුදිත කඩුලු දෙක බැගින් දවාගත්තහ. 

මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.