කාසියේ වාසිය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගත් අතර දෙවන තරගය එංගලන්ත කණ්ඩායම ජය ලබාගත්තේය.

අද තරගය සඳහා පළමු තරග දෙක ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බව නායක චරිත් අසලංක සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.