හක්කපටස් ආහාරයට ගෙන මියගිය සද්ධන්තයා

මොරවැව පොලිස් වසමට අයත් අව්වේනගර්, ඩී – 05 වැව් ඉස්මත්තේ මිය ගොස් සිටියදී සොයා ගත් අලියා හක්ක පටස් ආහාරයට ගැනීම නිසා මුඛය තුවාල වී විෂබීජ මොළේ දක්වා පැතිරී මියගොස් ඇති බවට පශ්චාත් මරණය පරීක්ෂණය ඊයේ (07) පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා නිගමනය කළේය.

දින ගණනාවක් නිරාහාරව සිටීම මෙම අලියාගේ මරණයට තවත් හේතුවක් බවට පශු වෛද්‍යවරයා සැක කළේය.මෙම අලියා නිරාහාරව වැටී සිටියදී ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොරවැව අඩවි කාර්යාලයේ වන සත්ව නියාමකවරුන් වන එම්.එම්.ආර්.දිල්ෂාන් ,එච්.එම්.මිහිර බණ්ඩාර , ඒ.රිසාන්තන් යන නිලධාරීන් සමග රියදුරු ඊ.ඒ.එස්.කුමාර යන මහත්වරු පැමිණෙ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොරවැව අඩවි කාර්යාලය වැඩිදුර පරීක්ෂණෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.