කොළඹ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් JICA ආයතනයේ අවසන් එකඟතාවය තවම ලබාදී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පවසා සිටියේ, JICA පාර්ශවයෙන් දැනුම්දී ඇත්තේ දැනට ආරම්භ කර ඇති අනෙකුත් ව්‍යාපෘති ප්‍රථමයෙන් සාර්ථකව ක්‍රියාත්මක කර ඒවායේ ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවය.
“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම සිදුවෙනවා. LRT ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව අවසාන එකඟතාවයක් JICA ආයතනයෙන් තවම ලැබිලා නැහැ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මත තමයි ඊළඟ තීරණය ගන්නේ කියන එක තමයි JICA ආයතනය අපිට දැනුම්දීලා තියෙන්නේ. අපිය JICA ආයතනයේ ප්‍රධානීන් ජපානයේදී හමුවුණ වෙලාවෙත් මේ යෝජනා සියල්ලම අපි ඉදිරිපත් කළ නමුත් ඔවුන්ගේ පැත්තෙන් කිව්වේ ආරම්භයක් විදිහට දැනට ආරම්භ කරලා තියෙන අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමු ඒවායේ ප්‍රගතිය බලලා අරගෙන අපි තීරණයක් ගන්නවා කියලා”


