නුවරඑළිය නගරයට ගං වතුර අවධානමක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය පවසයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  නුවරඑළිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්වයක් වාර්තා නොවන අතර  නුවරඑළිය නගරය සුරක්ෂිත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය (22) දින පැවසීය.

ඇතැම් සමාජ මාධ්‍යවල නුවරඑලිය නගරය ජලයෙන් යට වු බවට අසත්‍ය පුවත් පල වී ඇති බවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි දිස්ත්‍රික් ලේකම්තුමිය නිවේදිනයක් නිතුක් කරමින් කියා සිටියේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න, මතුරට ඇතුළු නායයාම්  නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගැනිමට නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත්, හදිසි ආපදා තත්ත්වයට මූණ දීම සදහා සියලු අංශ සුදානම් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්තුමිය එම නිවේදනයේ වැඩි දුරටත් සටහන් කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ  

Leave a Reply

Your email address will not be published.