අපොස සා/පෙළ විභාගයට පෙනී සිටිමට නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විශේෂ සහන රැසක්

දිට්වා සුලි කුණාටුවෙන් විනාශ වු නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වූ පාසල් 03ක අවතැන් කදවුරුවල තාවකාලිකව රැදී සිටින මෙවර අපොස සා/පෙළ විභාගයට පෙනී සිටින ළමුන් 19 දෙනෙකුට විශේෂ සහනයක් ලබා දීමට නුවරඑලිය අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා පියවර ගෙන ඇත.

දිට්වා සුලි කුණාටුවෙන් නුවරඑලිය කොන්කෝඩියා දමිළ මහා විද්‍යාලය, යොස්පෝඩ් දමිළ මහා විද්‍යාලය සහ සෙන්සේවියන් විද්‍යාලය සම්පූර්ණයෙන්ම විනාශ වූ බවත්, එහි අධ්‍යාපනය ලැබු සිසු සිසුවියන් පිරිසක් තව දුරටත් ඔවුන්ගේ දෙවම්පියන් සමග කදපොළ සහ නුවරඑලිය ප්‍රදේශයේ පවතින ආරක්ෂිත කදවුරුවල සිටින බවත්, එම කදවුරුවල සිටි මෙවර අපොස සා/පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් 19 දෙනෙකුට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ සහ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරාගේ නිසි අවසරය සහ අනුමැතිය ඇතිව එම ළමුන්ගේ මානුශිකත්වය ඉහළ මට්ටමක තබමින් අපොස සා/පෙළ විභාගයට පෙනි සිටිමට විශේෂ වැඩ පිලිවෙළක් දියත් කල බවයි නුවරඑලිය අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා කියා සිටියේ.

විභාගයට පෙනී සිටින ළමුන් 19 දෙනාම විභාගය ආරම්භ විමට ප්‍රථම නුවරඑලිය මීපිලිමාන යොවුන් සේනාංකය වෙත රැගෙන ගොස් එහි නේවාසිකව නතර කර එම ළමුන්ට අවශ්‍ය නිළ ඇදුම් ආහාර පාන සහ අනෙකුත් සියලුම පහසුකම් ලබා දී යොවුන් සේනාංකයේ සිට මීපිලිමාන සේනානන්ද මහා විද්‍යාලය දක්වා කිලෝමීටර් 2ක් යෑමට සහ ආපසු ඒමට නුවරඑළිය අධ්‍යාපන කාර්යාලයේ වෑන් රථයක් යොදවා ප්‍රවාහන පහසුකම් ලබා දීමටත් කලාප අධ්‍යාපන අධයක්ෂකවරයා පියවර ගෙන ඇත.

ළමුන්ගේ ආරාක්ෂාවට එම ළමුන්ගේ දෙමව්පියන් දෙදෙනෙකු සහ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමට කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරු දෙදෙනෙකු සහ ගුරුවරු කිහිප දෙනෙකු එම යොවුන් සේනාංකයේ අනුයුක්ත කල බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙම ව්‍යාපාතිය සදහා තම කාර්යාලයේ තවත් නිළධාරින් කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව අවතැන් කදවුරුවල සිටි ළමුන් 19 දෙනාට අතපසු වූ පාඩම් යලිත් පාඩම් කර හොද මානසිකත්වයකින් සහ අවස්ථාව ලබා දුන් බවත්, එම ළමුන්ට විභාගයට පෙනි සිටිමට තිබු  විභාග ශාලාවලින් පිටත මීපිලිමාන යොවුන් සේනාංකයට ආසන්නයේම පිහිටි විභාග මධ්‍යස්ථායකට විභාගයට පෙනී සිටිම සදහා එම සිසු සිසුවියන් 19 දෙනා යොමු කල බවයි නුවරඑලිය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙහිදි මෙම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් වීමක් මත අතපසු වූ පාඩම් යලිත් පාඩම් කර හොද මානසිකත්වයකින් යුතුව විභාගයට පෙනී සිටි බවත්, අපොස සා/පෙළ විභාගයෙන් මෙවර ඉහළින් සමත්වන බවද එම සිසු සිසුවියන් පැවසිය.

Leave a Reply

Your email address will not be published.