වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක්

වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ මෙම මරණ සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍ය.

වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත වීම් සහ දියේ ගිලීම් හේතුවෙන් මෙම වනඅලි මරණ වාර්තා වී ඇත.

මේ අතර, අදාළ කාලය තුළ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.