යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් රුපියල් කෝටි 1.5 කට ආසන්න වියලි ගංජා තොගයක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිතය තුල හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන්, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ අපරාධ කාර්යංශයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ හල්දුම්මුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගෝනි කර විකිණීමට සකස්කර තිබු රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා වියලි ගංජා කිලෝ ග්‍රෑම් 140ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ හල්දුම්මුල්ල පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.
2026-02-24


