ඉන්දු ශ්‍රී ලංකා ආගමික සංචාරක ව්‍යාපාරයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ හින්දු ආගමික ස්ථාන කිහිපයක සංචාරයක නිරත ඉන්දියානු අයෝධ්‍යා නුවර පිහිටි සිවකෝවිලේ ප්‍රධාන පූජක කෛශානන්ද් ගිරාජි මහාරාජ් පූජකතුමා ඇතුළු ගිහි පැවිදි දූත පිරිසක් අද (25) දහවල් ත්‍රිකුණාමලය තිරුකෝණේස්වරන් කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූහ.
ප්‍රධාන පූජක කෛශානන්ද් ගිරිජි මහාරාජ් පූජකතුමා ඇතුළු ගිහි පැවිදි දූත පිරිස දාහතර දෙනකුගෙන් සමන්විත වන අතර පෙර දින මෙම පිරිස යාපනයේ සිට ත්‍රිකුණාමලයට හෙළිකොප්ටර් තුනකින් පැමිණියහ. ඉන්දියානු හින්දු ආගමික සංචාරකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේදිස්වරන්, යාපනයේ නගුලේස්වරන් හා ත්‍රිකුණාමලයේ තිරැ කෝණේස්වරන් ආදී කෝවිල්වල මෙසේ විශේෂ දේව පූජාවන්ට සහභාගී වූ මෙම පිරිස ඉදිරි දින කීපය තුළ නුවරඑළිය සීතා අම්මන් කෝවිල හා පොළොන්නරුව පැරණි නටබුන් සහිත ශිව කෝවිල් නැරඹීමට නියමිතය .


