නුවරඑලියේ සිදු කල හදිසි වායු විමෝචන පරික්ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ වායු විමෝචන පරික්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරික්ෂකවරුන් සහ නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සමග එක්ව (25) දින නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල සහ නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදි මෙම හදිසි පරික්ෂාව සිදු කල බවයි ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා කියා සිටියේ.
මෙම මෝටර් රථ පරික්ෂාවේදි එම මාර්ග දෙකේම ගමන් ගත් වාහන 100කට අධික ප්‍රමාණයක් පරික්ෂා කල බවත්, එම පරික්ෂාවේදි අධික ලෙස කළු දුම් පිටවන ලංගම බස් රථ 12ක්, පෞද්ගලික බස් රථ 25ක්, ලොරි රථ 16ක් සහ අනෙකුත් වාහන 20ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර එම වාහන අලුත් වැඩියා කර යලිත් පරික්ෂණයට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍රය නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරාගේ භාරයට ගෙන ඇත.
ගුණාත්මක ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යෑම සහ වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් වායුව එක්වීම වැළක්වීමේ අරමුණින් මෙවැනි දුම් පරික්ෂාවන් අඛණ්ඩව සිදු කරන බවයි නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ.




