ඉන්දීය නාවික හමුදාවට අයත් තරංගනී රුවල් නැව අෂ්රොප් ජැටියට

ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. තරංගනී (INS Tharangini ) නැමැති පුහුණු රුවල් නෞකාවක අද (27) පස්වරුවේ පුහුණු අභ්‍යාස සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් අෂ්රොප් ජැටියට සේන්දු වූහ .

අෂ්රොප් ජැටියට සේන්දුවූ මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගනු ලැබූහ .දෙරටේ නාවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණි මෙම පුහුණු රුවල් නෞකාව මාර්තු දෙවෙනිදා දක්වා ත්‍රිකුණාමල වරායෙත් මාර්තු 6 වෙනිදා සිට 9 දා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන අතර එම කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු නැවියන් වෙනුවෙන් පුහුණු අභ්‍යාස කිහිපයක් සිදුකිරීමට නියමිතය .

වරාය අදියර හා මුහුදු අදියර යන අදියර දිවිත්වයෙන් මෙම පුහුණු කටයුතු සිදු කෙරේ.

පුහුණු අභ්‍යාසයේ මූලික සිද්ධාන්ත සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණුව ලබන නැවියන් පිරිසක්  මෙම නෞකාවේ නිරීක්ෂණයට සහභාගී වූහ.

මෙම පුහුණු රුවල් නෞකාවේ ක්‍රියාකාරිත්වය හා පුහුණු කටයුතු හා ධාරීතාවය ව්‍යුහය පිළිබදව මෙම පුහුණු රුවල් නෞකාවේ අණදෙන නිළධාර කොමාන්ඩර් නිතින් ගජ්ජර් (Commander Nitin Gajjar) මහතා විසින් පැහැදිලි කර දීමද සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published.