පැරණි සිරිත් විරිත් අනුගමනය කරමින් සිරිපා වන්දනාවේ යෙදෙන 30 දෙනෙකුගෙන් සමන්විත වැඩිහිටි පිරිසක් පාද චාරිකාවක් ආරම්භ කර ඇත.
ඉකුත් (26) දින කෑගල්ල උඩුගම විහාරස්ථානයේ සිට අලුයම 5:00 ගමන් ආරම්භ කල එම ශ්‍රී පාද නඩය රුවන්වැල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, කළුගල, ලක්ෂපාන, කිරිවන්එළිය, මාවුස්සාකැලේ, නල්ලතන්නිය හරහා කිලෝමීටර් 117ක් දුර තුන්සරණේ කවි කියමින් ශ්‍රී පාද වන්දනාවේ පා ගමනට එක් වී ඇත.
මෙම පා ගමනට අප මුතුන් මිත්තන් අනුගමනය කල පැරණි සිරිත් විරිත් සහ ඇදුම් පැළදුම්, ආයිත්තම් භාවිතා කරමින් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙයි.
සිරිපා වන්දනා පාද චාරිකා සංස්කෘතික පදනම මගින් 12වන වතාවටයි මෙවර පාද චාරිකාවට එක් වී ඇත්තේ.
වර්ථමාන පරපුරට පැරණි මුතුන් මිත්තන් ශ්‍රී පාදය කරුණා කල ආකාරය විදහා දැක්වීම සහ සියලුම ජාතින් අතර සංහිදියාව ඇති කිරිම සද සංස්කෘතිය විදහා දැක්වීම මෙම පා ගමනේ ප්‍රධාන අරමුණ බවයි එම නඩයේ ප්‍රධාන ගුරා වන ප්රවිණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පී, නාට්‍ය සහ රංගකලා උපදේශක, කලාභූෂණ රාජ්‍ය සම්මාන ලාභී හේමන්ද්‍ර පියදාස මහතා කියා සිටියේ.
මෙම ශ්‍රී පාද පා ගමනට එක් වි සිටින පිරිස අවුරුදු 70-80ත් විවිධ වයස්වල පසුවන අය බවත්, ශ්‍රී පාද වන්දනාවේ යොදෙන මාර්ගය දෙපස පදිංචිකරුවන් විසින් තම නඩයට අවශ්‍ය ආහාරපාන ලබා දෙන බවත්, රාත්‍රී කාලයේ එම මාර්ගයේ පිහිටි වෙහෙර විහාරස්ථානවල විවේක ගෙන පසුදින උදෑසන යලිත් පා ගමන ආරම්භ කරන බවයි හේමචන්ද්‍ර පියදාස මහතා කියා සිටියේ.
මෙම පා ගමනට රංගන ශිල්පී කුල ශ්‍රී මල්ලිආරච්චි මහතාද එක් වී සිටියහ.
එම ශ්‍රී පාදය කරුණා කරන නඩය (28) දින ලක්ෂපාන ප්‍රදේශයේදි අප කැමරාවට සටහන් වු අතර, එම නඩය මැදින් පුර පසලොස්වක පෝ දින ශ්‍රී පාද උඩමළුව වෙත කරුණා කිරිමට නියමිතය.


