රු. කෝටි 50කට අධික මත්ද්‍රව්‍ය සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ, අහුංගල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සොයාගත් බවය. 

එමෙන්ම ඔවුන් සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ 30ක් ද හමුවී තිබේ.

අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය. 

Leave a Reply

Your email address will not be published.