මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් සියලු අද (01) දිනට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව UL231 කොළඹ – ඩුබායි, UL232 ඩුබායි – කොළඹ, UL225 කොළඹ – ඩුබායි, UL226 ඩුබායි – කොළඹ, UL217 කොළඹ – දෝහා, UL218 දෝහා – කොළඹ, UL253 කොළඹ – දම්මාම්, UL254 දම්මාම් – කොළඹ, UL265 කොළඹ – රියාද්, UL266 රියාද් – කොළඹ, UL229 කොළඹ – කුවේට් සහ UL230 කුවේට් – කොළඹ යන ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මේ අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටින් පිටත් වන සහ මෙරටට පැමිණෙන ගුවන් ගමන් 54 අවලංගු කර තිබේ.
ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 28ක් අවලංගු කර ඇත.
මෙරටින් පිටත්ව යාමට සැලැසුම් කර තිබූ ගමන් වාර 26ක් අවලංගු කිරීමට කටයුතු කළ බව ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.


