සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
CBS News වෙත අදහස් පළ කරමින් ඔහු ප්රකාශ කර ඇත්තේ, බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බවය.
ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරී ගොස් ඇති බව ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළ බව CBS News වැඩිදුරටත් සඳහන් කරයි.


