ශ්‍රී ලංකා ඉන්දිය නියෝජ්‍ය මහා කොමසාරිස් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළට ඉන්දිය රජයේ සම්පූර්ණ සහය හිමිවන බව නැගෙනහිර පලාතේ දෙදින නිල සංචරයකට එක්වු ශ්‍රී ලංකා ඉන්දිය නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පණ්ඩේ මහතා අද (04) නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හමුවී පැවසීය.

ඉන්දීය රජයේ ආධාර මත නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා සිදු කළ සංචාරය අතරතුර නැගෙනහිර ආණ්ඩුකාරවරයා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි හමුවි නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා මේ බැව් සැල කලේය.

මෙම හමුවේදි තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා වර්තමාන ලෝකයේ පවතින බලශක්ති අර්බුදයට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සාධනීය මට්ටමක පවතින බව කීහ.දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලින් බිම් මට්ටමේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ සහ ජනතා ප්‍රතිචාර පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගනු ලැබූහ.

ඉන්දු ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සදහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදි අදහස් හුවමාරු විය. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා දෙරටේ පවතින සහයෝගය සහ මිත්‍රත්වය මෙම ව්‍යාපෘතිවලින් තහවුරැ වන බවත් ඒ පිළිබඳව ඉන්දීය රජයට ස්තූති වන බව කීහ.

Leave a Reply

Your email address will not be published.