පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.


