සිංගිමලේ රක්ෂිතයේ අතරමං වු ලූනාව බේරාගත් පොලිස් මෙහෙයුම

හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.

නෙදර්ලන්තයේ ඇමසඩෑම් ප්‍රදේශයේ පදිංචි ලූනා ටූගට් නැමති 20 හැවිරිදි තරුණිය විශ්වවිද්‍යාල සිසුවියකි.

ඇය එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුන් පිරිසක් සමඟ මෙරටට පැමිණ රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපනය බලමින් සිටින අතරතුර ඇඟේ මිතුරන් කිහිපදෙනෙකු සමග අධ්‍යන පර්යේෂණ කටයුත්තක් සඳහා පසුගියදා හැටන් සිංගිමලේ කඳු මුදුන තරණයට එක්ව තිබුණි. 

ඒ අනුව ඊයේ (06) දින උදෑසන කඳු මුදුන නැරඹීමට යන බව පවසා ඇය රක්ෂිතය තුළට ගියද ආපසු ඒමට මාර්ගය සොයා ගැනීමට නොහැකිවී අතරමං වී තිබේ. 

පසුව ඇය විසින් අදාළ නිලධාරීන්ට දැනුම්වත් කිරීමෙන් පසු ඔවුන් හැටන් පොලීසිය සමඟ එක්ව තරුණිය සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබුණි. 

පසුව හැටන් පොලීසියේ අපරධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් දැඩි පරිශ්‍රමයක් දරා සිංගිමලේ රක්ෂිතය හරහා කඳු මුදුනට ගොස් කඳු මුදුනේ ගලක් මත වාඩි වී සිටි නෙදර්ලන්ත තරුණියව නිරුපද්‍රිතව බේරා ගෙන ඇයට රක්ෂිතය තුළදීම ආහාරපාන ලබා දී හැටන් පොලීසිය වෙත රැගෙන විත් ඇත.

Leave a Reply

Your email address will not be published.