සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනි.
 

Leave a Reply

Your email address will not be published.