ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ.
ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


