නිවසක් ගිනිගෙන පුද්ගලයෙක් මරුට

රත්නපුර මල්වල පාර ප්‍රදේශයේ නිවසක ඇතිවු ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

නිවසක් ගිනිගන්නා බවට රත්නපුර පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මකවු රත්නපුර ගිනිනිවන ඒකකය ගින්න මැඩපවත්වා ඇත.

ගින්නෙන් නිවසේ කාමර දෙකක් විනාශවී ඇති අතර එහි රැඳී සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී පිළිස්සීමෙන් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සිය බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී මෙම නිවසේ තනිව ජීවත්වී සිට ඇති බව පොලීසිය පවසයි.

කෙසේවුවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.