ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී පවිත්රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත්රික්කයේ ග්රාමීය නායකයින් සිය නිවෙස වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්රීවරු 78ක් ඇතුළුව ග්රාමීය නායක, නායිකාවන් අති විශාල පිරිසක් මන්ත්රීවරියගේ නිවසට පැමිණ ඇත.
‘රනිල් වික්රමසිංහ ජනාධිපති කරවීමට පොහොට්ටුවේ සහය ලබාදිය යුතු යැයි’ එම පිරිස එහිදී පවසා ඇති බව ද වාර්තා වනවා.
එහිදී රත්නපුර පොහොට්ටු මහජන නියෝජිතයින් රැසක් මන්ත්රීවරියගෙන් එක හඩින් ඉල්ලා ඇත්තේ ඒ සඳහා පොහොට්ටුවේ පිරිස් එකතු කිරීමේ නායකත්වය ලබාගන්නා ලෙසයි.