මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබේ.

ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙකි.

ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා තිබුණි.

අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය ද මිය ගොස් ඇත.

මෙම වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විර්මශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.