කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංයේ හිටපු ලේකම්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 2021 වසරේදී චීනයේ  Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙනි.

ඒ අනුව අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අදාළ නිලධාරියා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙක් වන අතර සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published.