වෙසක් සතියේදී බැතිමතුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයට යොදවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
බැතිමතුන් සඳහා පැවැත්වෙන සියලුම දන්සැල් මැයි මස 09 දිනට පෙර ලියාපදිංචි කරගත යුතු බව පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කළ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ලියාපදිංචි නොකළ පැවැත්වෙන දන්සැල් පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව පැවැසීය.
බෝවන රෝග පැතිරයෑම වැළැක්වීම, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය වැළැක්වීම සඳහා වෙසක් කාලසීමාවේදී පැවැත්වෙන සියලුම දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව පැවසීය.
ජංගම ආහාර අලෙවි සැල්, ආපනශාලා, හෝටල්, ජංගම වෙළෙඳුන් අලෙවි කරන ආහාර පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු වන බවත්, සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව පවත්වාගෙන යන ආහාර අලෙවි කිරීම සහ අලෙවි කරන්නන් සඳහා නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.