රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 5ක් මරුට

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සියයකට අධික ප්‍රමාණයක් එල්ල කර තිබේ.

ප්‍රහාරවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්‍රේනයේ කියෙව් අගනුවර ස්ථාපිත කර ඇති හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා කියෙව් අගනුවර වැසියන් දහස් ගණනක් භූගත නවාතැන්වල රැඳී සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.