හැටන් කොටගල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගය ඇතුලත් කිරිමෙදි දඹුල්ලේ සිට නුවරඑලිය දක්වා එළවලු ප්‍රවාහනය කිරිමට සදහා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක ත්‍රීරෝද රථය ගැටී අනතුරක් සිදු වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
(28) දින උදෑසන 7:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල අසළදීය.
අලුයම හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ පැවති අධික මීදුම් තත්වය සමත් ප්‍රධාන මාර්ගය පැහැදිලි නොවීම හේතුවෙන් සහ ත්‍රීරෝද රථ රියදුරා අපරික්ෂාකාරි ලෙස ත්‍රීරෝද රථය ඉන්ධන පිරවුම්හලේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රීරෝද රථය ඇතුලු කිරිම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති වූවත් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.


