බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා නැවතත් රටට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2024 වසරේදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර පුද්ගලයින් ඝාතන සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් හසීනාට මරණ දඩුවම නියම කරනු ලැබීය.
එම නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බව හසීනා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය ගෙන ඇති බව සදහන් වේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත ගොස් සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් මහතා ආපසු පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


