දොලොස්බාගෙන් ආපදා මරණයක් වාර්තා වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නාවලපිටිය සෝලන්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

65 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් සම්බනධයෙන් දැනුම් දීම සඳහා මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මහනුවර නාවලපිටිය ප්‍රදේශයට සුළු ගං වතුර තත්ත්වයක් බලපා ඇත.

ඒ අනුව, නාවලපිටිය ප්‍රදේශයේ පවුල් 38ක පුද්ගලයින් 138 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව  ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.