ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි මුදලක් අයකර ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා වූ කාලසීමාව තුළ මෙම වන්දි මුදල් අය කරගෙන ඇති අතර, එකී මුදල් කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා මියගිය අයගේ ළඟම ඥාතීන් වෙත යොමු කර ඇත.

ඕමානයේ අදාළ ආයතන, සමාගම් සහ බලධාරීන් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැත්වූ නිරන්තර සාකච්ඡා සහ සම්බන්ධීකරණය හේතුවෙන් මෙම වන්දි මුදල් ලබා ගැනීමට හැකි ව තිබේ.

ඕමානයේ රැකියාවල නිරතව සිටියදී මියගිය සසුත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හිමිවිය යුතු හිඟ වන්දි මුදල් අය කර ගැනීමේ කටයුතු සඳහා තානාපති කාර්යාලය ඉදිරියටත් සක්‍රීයව මැදිහත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.