කොළඹ උද්ධමනය සැප්තැම්බර් මාසයේත් 8%ක මට්ටමේ

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද (30)  ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 2026 අගෝස්තු මාසයේ දී 8.0%ක් ලෙස වාර්තා වූ අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී ද එම අගය 8.0%ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

2026 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 8.7% දක්වා  වැඩි වී ඇති  අතර  2026 අගෝස්තු මාසයේ දී එය වාර්තා වූයේ 8.5% ක් ලෙසයි.

එමෙන්ම, 2026 අගෝස්තු මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 7.7%  ලෙස වාර්තා වූ අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී ද එම අගය 7.7%ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

Leave a Reply

Your email address will not be published.