ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිකිරීමට ජනපතිගේ අවධානය

ඉදිකිරීම් ක්ෂේත්‍රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි ප්‍රවණතා පිළිබඳව මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා, ක්ෂේත්‍රය යළි ශක්තිමත් කරමින් එහි තිරසර වර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා ද විමසා බැලූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වත්මන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග සහ ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, එම ගැටලු සඳහා කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම වෙනුවෙන් රජයට සිදු කළ හැකි මැදිහත්වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.

Leave a Reply

Your email address will not be published.