අර්නාබ් බලපෑමෙන් දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්‍රික්කයේ කරන්දිපෝවල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශයට මිලිමීටර් 195.7ක වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

එමෙන්ම, කුලියාපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 193.0ක වර්ෂාපතනයක් ද, ඉලුප්පයිකඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.

මේ අතර, බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ ‘අර්නාබ්’  සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවට වක්‍රාකාරව බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි අපේක්ෂා කරන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *