ඉරණවිල ප්‍රදේශයට හමා ගිය තද සුළඟකින් නිවාස රැසකට හානි

හලාවත, ඉරණවිල සමිදුගම ප්‍රදේශයට ඊයේ (25) රාත්‍රියේ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව තිබේ.

ඊයේ රාත්‍රි 11.00ට පමණ මෙම තද සුළං හමා විත් ඇති අතර ඒ හේතුවෙන් නිවාස රැසක වහල ගැලවී, ගස් කඩා වැටීම් ද වාර්තා වී ඇති බවද සඳහන් වේ.

වහලවලට හානි සිදුවීම හේතුවෙන් නිවාස තුළට වැසි ජලය කාන්දුවීමෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත.

එමෙන්ම එම ප්‍රදේශ ආශ්‍රිත මුහුද ඉතා රළු ස්වභාවයක් ගෙන ඇති බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *