ගල්කිස්ස, සොයිසාපුර ප්රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට වෙඩි තබා ඝා*තනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු ලුනාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 6ක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, පට්ටිය හන්දිය ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.
පසුගිය 20 වැනිදා සොයිසාපුර ප්රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු වෙ*ඩි තබා ඝා*තනය කර තිබිණි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ කුඩු අංජු’ගේ ප්රබල අනුගාමිකයෙකු බව කියන ජයවර්ධන කොට්ටගේ රුවන් කුමාර නමැත්තා විදේශයක සිට මෙම අප*රාධය මෙහෙයවා ඇති බවය.
එමෙන්ම, අප*රාධය සංවිධානය කිරීම සඳහා ඔහු මීට පෙර අවස්ථාවකදී මෙරටට පැමිණ නැවත විදේශගත වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
රුවන් කුමාර නමැත්තා ලබාදුන් උපදෙස් මත අදාළ සැකකරු අපරාධයට පෙර දිනයේදී හෝමාගම ප්රදේශයේ නිවාස සංකීර්ණයක රථගාලකට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහි තිබූ මෝටර් රථයේ බැටරිය අක්රිය වීම හේතුවෙන් එදින අප*රාධය ක්රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.
ඒ සඳහා රුපියල් 100,000ක මුදලක් රුවන් කුමාර විසින් සැකකරුගේ ඥාති පුත්රයෙකුගේ බැංකු ගිණුමකට බැර කර ඇති බව ද සඳහන් වේ.
පසුදින, එනම් 20 වැනිදා, පෑලියගොඩ ප්රදේශයේ සිට නැවත හෝමාගම වෙත පැමිණ ඇති සැකකරු ව්යාජ අංක තහඩු සවිකර තිබූ අදාළ මෝටර් රථයෙන් කොට්ටාව සහ පිළියන්දල හරහා මොරටුව, කටුබැද්ද ප්රදේශයට ගොස් තිබේ.
අනතුරුව, කටුබැද්ද ඇවිදින මංතීරුව අසලදී වෙ*ඩික්කරු සහ තවත් පුද්ගලයෙකු ගි*නිඅවිය ද සමඟ එම මෝටර් රථයට ගොඩ වී ඇත.
පසුව ඔවුන් සොයිසාපුර ප්රදේශයට ගොස් අදාළ හෝටල් හිමිකරු ඝා*තනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අප*රාධය සිදු කිරීමෙන් අනතුරුව රුවන් කුමාර විසින් සැකකරුගේ බැංකු ගිණුමට තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් බැර කර ඇති බව ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ‘මෝදර නවීන්’ සහ ‘වැල්ලේ සාරංග’ වැනි ම*ත්ද්රව්ය ජාවාරම්කරුවන් සමඟ ද සමීප සබඳතා පවත්වා ඇති අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
අදාළ සැකකරු අද (29) මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


