ඉතාලි හමුදා හෙලිකොප්ටරයක් බොස්නියාවේදී කඩාවැටෙයි

බොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේ ස්ථාපිත යුරෝපා සංගම් සාමසාධක බලකායට අයත් ඉතාලි හමුදා හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) අනතුරට ලක්ව තිබේ.

අනතුරෙන් යානයේ ගමන් කළ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 11ක් තුවාල ලබා ඇති බව ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත.

මියගිය පිරිස අතර ඉතාලි හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු සහ ඉතාලි රතු කුරුස සංවිධානයේ ස්වේච්ඡා හමුදා බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ පුද්ගලයින් 15 දෙනෙකු ගමන් කර ඇති අතර, තුවාල ලැබූ 11 දෙනාම මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔවුන් කිසිවෙකුගේත් තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.

විදෙස් වාර්තාවන්ට අනුව මෙම අනතුර සිදුව ඇත්තේ බ්‍රච්කෝ දිස්ත්‍රික්කයේ ගොරිචේ ගම්මානයටය.

‘ඩේටන් සාම ගිවිසුමක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගම් බළකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘අල්තියා මෙහෙයුම’ සඳහා මෙම හෙලිකොප්ටර් යානය යොදවා තිබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *