Pfizer එන්නත් කල් ඉකුත් වී ඇති බවට වන කතා බොරු – වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි

දැනට ඇති pfizer එන්නත් මාත්‍රා කල් ඉකුත් වී ඇති බවත් එබැවින් එම එන්නත් තවදුරටත් එන්නත්කරණය සදහා යොදාගැනීමට නුසුදුසු බවට කෙරෙන ප්‍රචාරයන් අසත්‍ය බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත් සායන භාර ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, බොරැල්ල ශාන්ත ලුක්ස් දේවස්ථානයේ දී අද (12) දින සිට ආරම්භ කරන ලද එන්නත් කරන වැඩසටහනකට එක් වෙමින්.
එසේ ම වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, අදාළ pfizer එන්නත් මාත්‍රා ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව තවත් මාස තුනක් සඳහා එන්නත්කරණ කටයුතුවලට භාවිත කළ හැකි බව නිර්දේශ කර ඇති බවයි.
මේ අතර බොරැල්ල ශාන්ත ලූක් දේවස්ථානය භාර ක්‍රිෂාන්ත මෙන්ඩිස් පියතුමාගේ ඉල්ලීම පරිදි එම දේවස්ථානයේ දී අද(12) සිට සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 සිට සවස 5.00 දක්වා ඕනෑ ම අයෙකුට pfizer එන්නතේ තුන්වන හා හතරවන මාත්‍රා සහ වයස අවුරුදු 12 සිට 20 දක්වා දරුවන් හට 01 වන හා 02 වන මාත්‍රාද ලබා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.