පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ව තිබේ. නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.  අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.Continue Reading

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ව්‍යවසායයන් සහ දේපොළ ඇතුළු පුද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක්Continue Reading

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින්Continue Reading

අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණි. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවුණි. ඉන් අනතුරුවContinue Reading

පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (10) දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් වරෙන්තුකරුවන්Continue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. දෙරටContinue Reading

බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද (10) දහවල් එම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලටContinue Reading

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ. තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වයContinue Reading

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි යන සිසුවියයි. ඇය ඊයේ (09) රාත්‍රියේදී සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලාContinue Reading

බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා මත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව බීබීසී මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබොරා ටර්නස් ද ඉල්ලා අස්වී ඇතිContinue Reading