මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ  දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන බවය. මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන්වලට මේ වන විට සැලකියContinue Reading

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර අද (19) ප.ව. 6.45ට මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීContinue Reading

ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයකට නිවහන වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූව් කෞතුකාගාරයේ අද (19) මංකොල්ලයක් සිදු විය. ඒ මහජන ප්‍රදර්ශනය සඳහා අද උදෑසන එම කෞතුකාගාරය විවෘත කිරීමෙන් සුළු වේලාවකට පසුවය. ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක ආධාරයෙන්Continue Reading

හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රාෆා නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ පවසන්නේ, ගාසා තීරයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවය. මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසාContinue Reading

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බවය. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 දෙනෙකු වාර්තා වීContinue Reading

ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවය. එහි සෘජු බලපෑමක්Continue Reading

මිනිසුන් තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් සිදුවිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආගම දහමට අනුකූලව ජීවත් වීමට සියලු දෙනාම අදිටන් කර ගත යුතු බවය. දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය. එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත්Continue Reading

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකාර ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම්Continue Reading

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙතContinue Reading

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහContinue Reading