2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ.  චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය. පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වනContinue Reading

ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත. මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැකි බවත් ඒ හේතුවෙන් ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සුලබව දැකිය හැකි බවත්Continue Reading

නුවරඑළියේ පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ඒ අනුව මහියංගනය සිට නුවරඑළිය දක්වාම මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසීය.  නුවරඑළියContinue Reading

බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා තිබේ. බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිරමැදිරිවලට මාරු කිරීමට යාමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වේ. එම අදාළ මාරුකිරීම්වලට රැදවියන් විරෝධය පළ කර ඇති අතර එහිදී රැදවියන් විසින් සිදුකළ පහරදීමේදී බන්ධනාගාරContinue Reading

දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ “ආදරය”  වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4ක දරුවන් දහසකට වැඩි ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දෙන ලදී. අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදාදීම සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading

රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් එම දුරකථන අංකය හඳුන්වා දී ඇත. විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍යContinue Reading

නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (07) අලුයම කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රියදුරුවරයෙකි. සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින්Continue Reading

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිතContinue Reading

ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු උපදෙස් මැයෙන් පසුගිය මස 18 වැනි දින නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කිරීම අවසන් කළ බවය. ඒ අනුව රෝගීContinue Reading

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.  නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍යContinue Reading