අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.Continue Reading
දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්රතිශතය
අද (21) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි. කොළඹ – 60%ගම්පහ – 62%කළුතර – 60%මහනුවර – 65%මාතලේ – 68%නුවරඑළිය – 70%ගාල්ල – 61%මාතර – 64%හම්බන්තොට – 60%යාපනය – 50%කිලිනොච්චිය – 56%මුලතිව් – 57%වව්නියාව – 62%මන්නාරම – 60%රත්නපුර – 60%කෑගල්ල – 60%මඩකලපුව – 35%අම්පාර – 60%,ත්‍රිකුණාමලයContinue Reading
ඡන්දෙට අද පෙරහුරුවක්
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භවී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බවය. ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබේ. අද දහවල් 12 පමණ වනවිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන්Continue Reading
යුතුකම ඉටු කරනවා නම් වැල් පාලමෙන් එළියට පනින්න පුළුවන්
සැප්තැම්බර් 21 වැනිදා ජනතාව සිය යුතුකම ඉටු කරන්නේ නම් ශ්‍රී ලංකාවට වැල් පාලමේ ගමන අවසන් කර ඉන් පිටතට යා හැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වැල්ලවායේ ඊයේ (16) පැවති ‘රනිල්ට පුළුවන්’ ජන රැලියට එක්වෙමින් ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය පළ කර ඇත්තේ ආණ්ඩුව ගෙන යනContinue Reading
අභියෝගවලට ආදරේ නාමල්
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි. “මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩිContinue Reading
ජනපති අපේක්ෂකයෙකු ප්රවර්ධනයට මුදල් බෙදූ අයෙකු අත්අඩංගුවට
ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තම නිවස අවට පදිංචිකරුවන් වෙත රුපියල් 5000 බැගින් මුදල් බෙදාහැර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි. මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයේ දීContinue Reading
ආර්ථිකයට කාන්තා දායකත්වය වැඩිපුර ලබාගැනීම මගේ ඉලක්කයයි
මෙරට දළ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නොවන කාන්තාවන් ඊට සම්බන්ධ කරගැනීම සිය අභිප්‍රාය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. කලල්ගොඩ ප්‍රදේශයේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “මම දේශපාලනය සඳහා ඉදිරිපත්වන ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේContinue Reading
හැමෝටම සහනයක් ලැබෙනවා – රනිල්
ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බේරුවල පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ “පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජනContinue Reading









