ආණ්ඩුව ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයේ බොරුව හෙළිවේ

ආණ්ඩුවේ අධිකරණ ඇමති ඉදිරිපත් කර තිබෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අපේක්ෂා කරන යහපත් සංශෝධනවලට වඩා ඒකාධිපති ක්‍රමය සහ ආණ්ඩුවේ බලය ආරක්ෂා කරන වගන්තිවලින් සමන්විත බව නීතිඥවරු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් විවිධ නීතිඥ කණ්ඩායම් මත පළකරමින් තිබෙන අතර ශ්‍රී ලංකා නිතිඥ සංගමය විශේෂයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත. එම නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඊයේ (01) පැතිකඩ වැඩ සටහනට එක් වෙමින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබීය.

ඉදිරිපත් කර තිබෙන කෙටුම්පතේ යෝජනා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ දුර්වල කර ඇති බව පෙන්වා දෙනු ලැබීය. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කරන දේශපාලඥයන් නොවන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ බහුතරයේ අනුමැතිය මත පත් කිරීමට යෝජනා කර තිබීමෙන් එම සභාවේ ස්වාධීනභාවය බරපතළ ගැටළුවකට ලක්වී ඇති බව පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.